උපතින්ම දෘෂ්‍යාබාධිතව උසස් පෙළ ඉහළින් සමත් වූ නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් පුත්තලමෙන් වාර්තා වනවා.
ඔවුන්ගෙන් එක් අයෙක් විශ්වවිද්යාල සුදුසුකම ලබා ඇත්තේ දිස්ත්‍රික්කයේ ඉහළම ස්ථානයක් හිමිකර ගනිමින්.
පුත්තලම - බත්තුලුඔය ප්‍රදේශයේ පදිංචි මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා සිය උසස් අධ්‍යාපනය හැදෑරුවේ පුත්තලම සිංහල මහා විද්‍යාලයෙන්.
බත්තුලුඔය කනිෂ්ට විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරා ඉහළින්ම සමත් වූ ඔවුන් දෙදෙනා බේල් ක්‍රමයට උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්.
සඳුනි කේශලා තමිල් උපතින්ම දෘෂ්‍යාබාධිත වන අතර, රුක්ෂානි මේඛලා තමිල් හට තරමක් දෑස් පෙණුනත් ඇය පාද අප්‍රාණික වීමකින් පෙළෙනවා.
සඳුනි කේශලා “ඒ“ සාමාර්ථ 3 ක් ගෙන සරසවි වරම් ලබාගෙන ඇත්තේ දිස්ත්‍රික්කයේ 8 වැනියා වෙමින්.
රුක්ශානි මේඛලා “බී“ සාමාර්ථ 3 ක් ලබාගෙන තිබෙනවා.
මෙම දැරියන්ගේ මව්පියන් ගොවිතැනෙන් සිය
ජීවිතය සරිකර ගන්නා අතර, ඔවුන්ගේ මුත්තණුවන් ද අධ්‍යාපන කටයුතු සඳහා මහත්
පිටුබලයක් ලබාදී තිබෙනවා.

Comments
Post a Comment