උසස්පෙළ විභාගයට පෙනීසිටි සියලු සිසුන්ට දැනුම් දීමක් - විභාග කොමසාරිස්


මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන වසරේ ජනවාරි මස 15 වෙනිදාට පෙරා අයදුම් කලයුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීමට විශේෂ දුරකථන අංක දෙකක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එම දුරකථන අංක පහතින්
0112784201
0112784537
0113188350
0113140314
ක්ෂණික ඇමතුම්
1911
මේ වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට මුදා හැර තිබෙනවා.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 15,227ක් වන අතර ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාර්ඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් සිසුවා විසින් හිමි කරගෙන තිබෙනවා.
ජීව විද්‍යා හා වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයයි.
දිලිනි සඳුනිකා පලිහක්කාර සිසුවිය විසින් ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති අතර, වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය දුලානි රසන්තිකා සිසුවිය විසින් ලබා ගත්තා.
කලා අංශයේ ප්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ පූජ්‍ය පත්බේරිය මුනින්දවංශ හිමියන් විසින් හිමි කරගෙන තිබෙනවා.
ඉංජිනේරු තාක්ෂණවේදයේ දිවයිනේ ප්‍රථම ස්ථානය මාතර - මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි සිසුවිය විසින් ලබාගෙන ඇති අතර, ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම සිසුවාට හිමි වුණා.
පොදු විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග සිසුවිය ලබා ගත්තා.

Comments