මේ ලිපිය කියෙව්වොත් ඔබ ඒ දේ අද සිට නොකරාවි
පොල් කියන්නේ දෛනිකව නිවසේ ආහාර වේල් පිළියෙල කිරිමේදී භාවිතාවන දෙයක්. පොල් ගෙඩිය බිඳීමේදී වැඩිදෙනෙක් පොල් වතුර විසික් කර දමනවා. නමුත් එම පොල් වතුරවල අඩංගු ඖෂධීය වටිනාකම ඔබ දන්නවානම් නැවත ඒ වරද කරන එකක්නම් නෑ.
මෙම ලිපියෙන් කියවෙන්නේ පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණයන් පිළිබඳවයි.
01. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.
02. පොල් වතුර වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා.
03. පොල් වතුර මඟින් හිසකෙස් පෝෂණය කරනවා.
04. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා.
05. පොල් වතුර ඉතා ඉහල ශක්තිජනක පානයක්.
06. පොල් වතුර මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තියෙනවා.
07. පොල් වතුරේ ළෞරිc අම්ලය අඩංගු වන අතර එමගින් ආහාර වල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි.
08. පොල් වතුර පානය මඟින් සම ගැඹුරට ගොස් පෝෂණය කරන අතර සම වියළි ස්වභාවය අවම කරවනවා.
09. රාත්‍රී නින්දට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ලප කැළැල් වල අලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න.
10. පොල් වතුර පානය වියළි ස්වභාවයෙන් යුතු හිසකෙස් වලට හොඳ ඖෂධයක්.
11. පොල් වතුර පානය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්.
12. ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්.
13. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථි වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි.
14. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

Comments
Post a Comment